
මත්තෙගොඩ විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ ලියුම් පෙට්ටියෙන් මතු වූ ජීව උණ්ඩ
විශ්‍රාමික පොලිස් පරීක්ෂක වරයෙකුට අයත් මත්තේගොඩ කලාකරු නිවාස සංකීර්ණයේ වසා දමා තිබූ නිවසක ලියුම් පෙට්ටියක සඟවා තිබියදී ටී 56 වර්ගයේ ජීව උණ්ඩ හතලිස් හතක් , හා මිලි මීටර් 9 වර්ගයේ ජීව උන්ඩ හයක් අද (08)දා සොයා ගත්තා.
මත්තේගොඩ බස් නැවතුම්පොළ අසල කලාකරු මහල් නිවාස සංකීර්ණයේ නිවසක් විශ්‍රාමික පොලිස් නිලධාරියාට අයත්ව ඇති අතර එහි කිසිවකු නොමැති නිසා වසා දමා තිබුණා.
එහෙත් ඔහු එම නිවසට ලැබෙන ජල හා විදුලි බිල්පත් හා ලිපි පරීක්ෂා කිරීම සඳහා පැමිණෙන අතර අද (08) උදෑසන ද පැමිණ ලියුම් පෙට්ටිය පරීක්ෂා කිරීමේදී එහි තමා නොදැමූ ඉබ්බෙකු ඊට දමා තිබීම නිසා සැක සිතී යාබද නිවසක තරුණයකු සමග ලියුම් පෙට්ටියේ ඉබ්බා කඩා පරීක්ෂා කිරීමේදී ඒ තුළ මෙම ජීව උණ්ඩ ඇති බව හඳුනාගෙන තිබෙනවා.
මත්තේගොඩ මධ්‍යම ඒ ග්‍රාම නිලධාරී වසමේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකාවක විසින් සිද්ධිය පිළිබඳව පොලිසිය දැනුවත් කර ඇත්තේ ඒ අනුවයි.
පසුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී ඒ තුළ ටී 56 වර්ගයේ ජීව උණ්ඩ හතලිස් හතක් හා මිලි මීටර් 9 වර්ගයේ ජීව උන්ඩ හයක් තිබශමුව තිබුණා.