මත්ද්‍රව්‍ය ගත් කොන්දොස්තර පැදවූ බසයක් මොරටුවේදී අනතුරක – ඛේදවාචකයක් යන්තමින් වැළකේ

මත්ද්‍රව්‍ය ගත් කොන්දොස්තර පැදවූ බසයක් මොරටුවේදී අනතුරක – ඛේදවාචකයක් යන්තමින් වැළකේ

ගාලු පාර, මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයේ බෙදාවෙන්කරන තීරුවේ තිබූ විශාල ගසක ගැටී නැවත මාර්ගයේ වම්පසට ධාවනය වී විදුලි උපකරණ වෙළෙඳසැලක ඉදිරිපස නාමපුවරුවක ගැටී නතරවීමෙන් අද(13) උදෑසන සිදුවූ අනතුර සිදුව වුණා.

මොරටුව බස් රථ ගාල වෙත සිය ගමන් වාරය ලබාගැනීමට ගමන් කරමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක් ව ඇති බව පොලීසිය පැවසුවා.

මොරටුව රථවාහන ස්ථානාධිපතිවරයා සදහන් කළේ බස් රථය පදවාගෙන පැමිණ ඇත්තේ විසිතුන් හැවිරිදි එම බස් රථයේ කොන්දොස්තරවරයා බවත්, ඔහු මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කර සිට ඇතැයි වෛද්‍ය වාර්තාවේ සදහන් වන බවයි.

කොළඹ දෙස සිට ගාලු පාර ඔස්සේ මොරටුව දෙසට පැමිණි මොරටුව – පිටකොටුව මාර්ග අංක 100 ගමන් කරන බස් රථය මාර්ගය මධ්‍යයේ දූපතේ පිහිටා ඇති බෝ ගසක වැදී ඉදිරියට ඇදී ගොස් වම් පසට වන්නට තිබූ පෞද්ගලික පංති පවත්වන සහ විදුලි උපකරණ ප්‍රදර්ශනාගාරයක ගොඩනැගිල්ලක ඉදිරිපස තිබූ නාම පුවරුවේ වැදී බස් රථය නැවතී තිබෙනවා.

අනතුර සිදු වූ අවස්ථාවේදීම බස් රථයේ රියදුරු රථයෙන් මාර්ගයට වැටී ඇති අතර ඔහුගේ ජීවිතය අනූනවයෙන් බේරී ඇති බවත් බරපතළ තුවාල ලබා සිටි ඔහු පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කළ බව පොලීසිය පැවසුවා.

එම ස්ථානය පෞද්ගලික පන්ති පවත්වන ස්ථානයක් බැවින් දරු දැරියන් සිටින අවස්ථාවක මෙම අනතුර සිදු වූවා නම් බොහෝ පිරිසක් අනතුරට ලක්වීමට ඉඩ තිබූ බවයි පොලිසිය සදහන් කළේ.

මේ වන විට බස් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර බස් රථය පදවාගෙන පැමිණි කොන්දොස්තරවරයා පානදුර මුලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

 

 

Share This