මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඉලක්කයක් ගැන අනාවරණයක් – (VIDEO)
දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි කර ගැනීම සඳහා ඔවුන් තුළ පවතින ඇතැම් දුර්වලතා ජාවාරම්කරුවන් විසින් උපයෝගි කර ගන්නා බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසනවා.
පාසල් වියේ දරුවන් ඉලක්ක කර ගත් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා (13) අද පැවති මෙහෙවර වැඩසටහනේදී අදහස් දක්වමින් අධ්යක්ෂවරයා මේ බව කියා සිටියා.
එමෙන්ම පාසල තුළ කැපී පෙනෙන දක්ෂතා සහිත දරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඉලක්කය වී ඇති බව ද මෙහිදී අනාවරණය වුණා.
කෙසේ වෙතත් එම වැඩසටහනට එක් වෙමින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ශාක්‍ය නානායක්කාර මහතා පැවසුවේ පාසල් දරුවන් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවීම වැළැක්වීම සඳහා දිවයින පුරා පාසල් තුළ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයක් ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍ය බවයි.