මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු එකම පවුලේ මව, දියණිය සහ පුතා අත්අඩංගුවට (VIDEO)

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු එකම පවුලේ මව, දියණිය සහ පුතා අත්අඩංගුවට (VIDEO)

ජංගම දුරකථන මුදල් හුවමාරු ක්‍රමය යටතේ හෙරොයින් ජාවාරමේ යෙදුණු එකම පවුලේ මව, දියණිය, සහ පුතා බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස දකුණු පළාතේ කොස්ගොඩ ප්‍රදේශයේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ඥාතීන් බවටයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.

ත්‍රිරෝද රථයක් යොදා ගනිමින් කලක් තිස්සේ මුදල් හුවමාරු ක්‍රමය යටතේ වැලිපැන්න අලුත්ගම පයාගල සහ දකුණු පළාතේ ද මොවුන් මෙම මත්ජාවාරමේ යෙදී ඇති බව සඳහන්.

එමෙන්ම සැකකරුවන් සන්තකයේ තිබී ලක්‍ෂ 13 ක වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 30ක් සොයා ගෙන තිබෙනවා.

Share This