මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සූක්ෂ්මව යොදාගන්නා ස්ටිකර් මුද්‍රණාලයක් වටලයි

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සූක්ෂ්මව යොදාගන්නා ස්ටිකර් මුද්‍රණාලයක් වටලයි

විදෙස් ගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වමින් හොරයින් මත්ද්‍රව්‍යය ඇසුරුම් කිරීමට භාවිතා කරන කොළ මුද්‍රණය කළ මොරටුමුල්ල, කටුබැද්ද පුද්ගලික ආයතනයක් වටලා එම කොළ තොගයක් හා උපකරණ රැසක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පැවසුවා.

පොලීසිය පැවසුවේ එම සැකකරු සමග අඟල් 01×01 ප්‍රමාණයේ මුද්‍රණ කොළ 45,000 ක්, පරිගණක යන්ත්‍රයක්, මුද්‍රණ යන්ත්‍රයක් , ලිපි ද්‍රව්‍ය හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගත් බවයි.

ඉකුත් 9 වෙනි දා පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් හොරයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත විමර්ශන සිදුකර එම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශන වලදී මෙම ආයතනය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පසුව එම ස්ථානය වටලා අත්අඩංගුවට ගත් සැකකරු 49 හැවිරිදි මොරටුව පදිංචිකරුවෙක්.

 

 

Share This