මත්ද්‍රව්‍ය මෙහෙයුම් වලින් 976 ක් අත්අඩංගුවට – කොස්ගම වෙඩි තැබීමේ සිද්ධියේ සැක 3 ක් ඒ අතර

මත්ද්‍රව්‍ය මෙහෙයුම් වලින් 976 ක් අත්අඩංගුවට – කොස්ගම වෙඩි තැබීමේ සිද්ධියේ සැක 3 ක් ඒ අතර

‘රටම එකට ජාතික මෙහෙයුම’ට සමගාමීව ඊයේ (09) දිනය තුළ මත්ද්‍රව්‍යය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 976 දෙනෙකු අත්අඩංගුව ගෙන තිබෙනවා.

එහිදී හෙරොයින් අයිස් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද සිය භාරයට ගැනීමට ආරක්‍ෂක අංශ කටයුතු කර ඇති අතර කොස්ගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

ඉකුත් 3 වැනිදා කොස්ගම, බොරළුගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙක් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් ඉලක්ක කරමින් වෙඩි තැබීමක් සිදු කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම සහ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විමර්ශන ආරම්භ කළ අතර එහිදී කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අතර වෙඩික්කරු සහ පැදිකරුද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් තුන්මෝදර සහ රුවන්වැල්ල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර වෙඩි තැබීමට යොදාගත් බව කියන ගිනි අවියද සොයාගෙන තිබෙනවා.

Share This