
මත්ද්‍රව්‍ය සමග යාපනයෙන් පුද්ගලයෙක් සැකපිට අල්ලයි
යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 16 මිලිග්‍රෑම් 150 , හෙරොයින් ග්‍රෑම් 08 මිලි ග්‍රෑම් 920 , මත්පෙති 120 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඊට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් බව කියන රුපියල් දෙලක්ෂ හැත්තෑ හතර දහස් පන්සියයක් ද සැකකරු සන්තකයේ තිබී භාරයට ගත් බවයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 51 හැවිරිදි පුද්ගලයෙක්.
