
මත්ද්‍රව්‍ය සොයා උතුරු මැද පළාත පුරා පොලිස් මෙහෙයුම්
රජය විසින් ගෙනියනු ලබන මත්ද්‍රව්‍ය සොයා කරන වැඩසටහනට සමගාමීව උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ නියෝගය මත
ඊයේ (23) රාත්‍රී කාලයේ එනම් මෙම විශේෂ රථ වාහන සෝදිසි කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවා.
මෙම පරීක්ෂා කිරීම් සදහා මනම්පිටිය පොලිස් නිලසුනඛ අංශයේ නිල සුනකින්ද යොදා ගනු ලැබුවා.
පොළොන්නරුව කදුරුවේල ප්‍රදේශය කළ සෝදිසි මෙහෙයුමේදී පොලිස් නිල සුනඛ අංශයේ නිල සුනඛ චාලි සහ වූෆර් යන නිල සුනකයන් දෙදෙනාගේ සහාය ද ලබා ගනු ලැබූ අතර මත්ද්‍රව්‍ය සොයා රථ වාහන පරීක්ෂා කරන ආකාරය ද දක්නට ලැබුණා.
පොලිස් නිලධාරීන් 200 ක පමණ පිරිසක් යොදවා සිදුකළ මෙහෙයුම් අතර මත්ද්‍රව්‍ය සහ විවිධ වැරදි සම්බන්ධව පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට
හැකිව තිබෙනවා.



