
මත් කරල් ලක්ෂ තුන හමාරක් එක්ක කල්පිටිය කොල්ලෙක් වව්නියාවේදී පොලිස් දැලේ
උතුරු පළාත තුළ මත්පෙති බෙදාහැරීමේ ජාවාරමක නිරතවු පුද්ගලයෙකු මත්පෙති 359,000 ක් සමඟ ඊයේ(19) වවුනියාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසූවේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදි සැකකරු හා මත්පෙති තොගය අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු කල්පිටිය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක පුද්ගලයෙකු වන අතර ඔහු කල්පිටිය ප්රදේශයේ සිට උතුරු පළාත තුළ මත්පෙති බෙදාහැරීමට පැමිණ ඇති බවද පොලිසිය සඳහන් කළා.
අත්අඩංගුවට ගත් සැකකරු මත්පෙති බෙදාහැරීමට යොදාගත් කැබ් රථයද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.