මත් පෙති ටොන් 13ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සොයා ගැනේ

මත් පෙති ටොන් 13ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සොයා ගැනේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහ භාණ්ඩවල සඟවා ගෙන යමින් තිබූ ඇම්ෆෙටමින් (amphetamine) නැමැති මත් පෙති ටොන් 13ක් පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එහි වටිනාකම ඩොලර් බිලියන 1 කට වඩා වැඩි වන අතර පෙති මිලියන 86ක් තිබී ඇති බව සඳහන්.

සැක සහිත ලෙස නැව්ගත කරන ලද කන්ටේනරයක් පිළිබඳව නිලධාරීන්ට ලද තොරතුරක් අනුව පරික්ෂා කිරීම් සිදු කිරීමේදීයි අදාළ මත් පෙති තොගය සොයා ගෙන ඇත්තේ.

ඩුබායි පොලිසිය ප්‍රකාශ කළේ ප්‍රධාන මෙහෙයුමකදී ටොන් 13ක පෙති තොගය රැගත් නැව් කන්ටේනර් පහක් සිය භාරයට ගත් බවයි

Share This