මධ්‍යම අධිවේගයේ හතර වෙනි අදියරේ ඉදිකිරීම් සදහා ඉතිරි වන්දි මුදල් ගෙවීමට සහ ඉඩම් අත්පත් කර ගැනීමට කැබිනට් ඇනුමැතිය
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඇරබීමට සූදානම්

මධ්‍යම අධිවේගයේ හතර වෙනි අදියරේ ඉදිකිරීම් සදහා ඉතිරි වන්දි මුදල් ගෙවීමට සහ ඉඩම් අත්පත් කර ගැනීමට කැබිනට් ඇනුමැතිය

මධ්‍යම අධිවේගී මාර්ගයේ හතරවෙනි අදියර කුරුණෑගල සිට දඹුල්ල දක්වා අත්පත්කරගත් ඉඩම් කැබලි සදහා ඉතිරි වන්දි මුදල් ගෙවීමට සහ වන්දි මුදල් නොගෙවූ ඉඩම් කැබලි අත්පත් කර ගැනීමේ පනත ප්‍රකාරව අවසතු කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ සදහා පියවර ගෙන ඇත්තේ ඉඩම් අත්පත් කරගැනීමේ පනතට අනුව 2023 මාර්තු 20 අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දී තිබූ අනුමැතියට අනුවයි.

මෙවර කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත්තේ මධ්‍යම අධිවේගී මාර්ගයේ හතර වැනි ව්‍යාප්ෘතියේ කුරුණැගල සිට දඹුල්ල දක්වා කොටසට අදාල ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් දැනට අත් හිටුවා ඇති ඉඩම් අත්කර ගැනීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට යි.

ප්‍රවාහන, මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා මෙම යෝජනාව කැබිනට් අනුමැතියට යෝජනා කර තිබෙනවා.

 

Share This