මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම ආසන්නයේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම ආසන්නයේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අනතුර සිදුවූයේ ලොරි රථයක් සහ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් එකිනෙක ගැටීමෙන්.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම ආසන්න 41 වැනි කිලෝමීටර් කණුවේදී මෙම අනතුර සිදුව තිබුණේ ඊයේ රාත්‍රී 11ට පමණ‍යි.

අනතුරින් ලොරි රථයේ රියැදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලීසිය පැවසුවා.

බරපතළ තුවාල ලබා සිටි බවුසරයේ සහායකයා රෝහල්ගත කිරීම සඳහා රැගෙන යන අතරතුර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලබා සිටි බවුසරයේ රියැදුරා ඇතුළත් කර ඇත්තේ වතුපිටිවල මූලික රෝහලටයි.

අනතුර හේතුවෙන් ලොරි රථය අධිවේගී මාර්ගයෙන් ඉවතට පෙරළී අති අතර, පසුව බවුසරයද ලොරිය මතට පෙරළී තිබුණු බව අප වාර්තාකරු පැවසුවා.

 

Share This