මධ්‍යම අප්‍රිකාවේ දී යාත්‍රාවක් අනතුරක -20 දෙනෙකු මරුට

මධ්‍යම අප්‍රිකාවේ දී යාත්‍රාවක් අනතුරක -20 දෙනෙකු මරුට

මධ්‍යම අප්‍රිකාවේ ගංගාවකදී යාත්‍රාවක් පෙරලී යාමෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබෙනවා.

අවමංගල්‍ය උත්සවයක් සඳහා යමින් සිටි මගීන් පිරිසක් රැගත් යාත්‍රාවක් මෙලෙස ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී එම යාත්‍රාවේ මගීන් 300කට අධික පිරිසක් සිට ඇති බව සඳහන්.

නියමිත ධාරිතාවය ඉක්මවා යමින් මගීන් ප්‍රවාහනය කිරීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

අනතුරින් පසු යාත්‍රාවේ සිටි විශාල පිරිසක් අතුරුදන්ව සිටින අතර ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙම සිදුවීමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි එරට බලධාරීන් පවසන්නේ.

Share This