මධ්‍යම ගාසා තීරයෙන් පලා යන පලස්තීනුවන්

මධ්‍යම ගාසා තීරයෙන් පලා යන පලස්තීනුවන්

ඊශ්‍රායල හමුදා ඉදිරියට පැමිණෙමින් සිටින නිසා පලස්තීනුවන් දහස් ගණනක් මධ්‍යම ගාසා තීරයෙන් පලා යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම පලස්තීනුවන් 150,000කට මධ්‍යම ගාසා තීරයේ සරණාගත කඳවුරුවලින් පලා යාමට බල කෙරෙමින් පවතින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ.

සාක්ෂිකරුවන් සහ හමාස් සන්නද්ධ අංශය වාර්තා කරන්නේ ඊශ්‍රායල යුද ටැංකි Bureij කඳවුරේ නැගෙනහිර තදාසන්න ප්‍රදේශයට ළඟා වී ඇති බවයි.

ඊශ්‍රායල හමුදාව මෑතකදී Bureij සහ ඒ ආසන්නයේ පිහිටි Nuseirat සහ Maghazi කඳවුරු ඉලක්ක කර ගනිමින් සිය ගොඩබිම් ප්‍රහාරය පුළුල් කිරීමට කටයුතු කළා.

කෙසේ වෙතත් ඊයේ(28) ඊශ්‍රායලය එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින්ද ගාසා තීරයේ පුද්ගලයින් දහස් ගණනක් මියගිය බවයි ගාසා තීරයේ සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Share This