මධ්‍යම ටෙක්සාස් ගංවතුරින් මියගිය පිරිස 51 ඉක්මවා ඉහළට (VIDEO)

මධ්‍යම ටෙක්සාස් ගංවතුරින් මියගිය පිරිස 51 ඉක්මවා ඉහළට (VIDEO)

එක්සත් ජනපදයේ මධ්‍යම ටෙක්සාස් හි විනාශකාරී ගංවතුරෙන් ගසාගෙන ගිය අතුරුදහන් වූ ගැහැණු ළමයින් 27 දෙනෙකු සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් ඊයේ සිට සෙවීමේ මෙහෙයුම්වල නිරතව සිටින අතර, පුද්ගලයින් 51 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ තවත් දිවි ගලවා ගත් අය සොයා ගැනීමේ සම්භාවිතාව අඩු වෙමින් පවතින බවයි.

මධ්‍යම ටෙක්සාස් හි හදිසි ගංවතුරෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 51 දෙනෙකු මිය යාමෙන් පසු අතුරුදහන් වූ පුද්ගලයින් සෙවීම සඳහා සිය ගණනක් ගලවා ගැනීමේ භටයින් යොදවා තිබෙනවා.

ගංවතුරින් දරුණුතම බලපෑමට ලක් වූ ප්‍රදේශය වන්නේ කර් ප්‍රාන්තයයි.

එහිදී පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් ඇති අතර ග්වාඩලූප් ගඟ ආශ්‍රිතව පිහිටි ක්‍රිස්තියානි තරුණ කඳවුරකින් ළමුන් 27 දෙනෙකු අතුරුදහන් වී තිබීම වඩාත් අවදානයට ලක් වුණා.

කර් ප්‍රාන්තයේ ෂෙරිෆ් ලැරී ලීතා පවසන්නේ පවිත්‍ර කිරීමේ කටයුතු දිගටම කරගෙන යන අතර, සියල්ලන් සොයා ගන්නා තෙක් එම මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරන බවයි.

ට්‍රැවිස් ප්‍රාන්තය සහ ටොම් ග්‍රීන් ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්තයේ අනෙකුත් ප්‍රදේශවල ද මිනිසුන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය අද තහවුරු කළා.

එක්සත් ජනපදයේ මධ්‍යම ටෙක්සාස් පුරා හදිසි ගංවතුර අනතුරු ඇඟවීම් කිහිපයක් ක්‍රියාත්මක වූවත් , ජනාවාස ප්‍රදේශ හරහා ජලය ගලා ගිය අතර, ග්වාඩලූප් ගඟ මිනිත්තු 45 ක් තුළ අඩි 26 ක් හෙවත් මීටර් අටක් කින් ඉහළ ගි‍ය බව ප්‍රකාශ වුණා.

ධාරානිපාත වර්ෂාවෙන් වඩාත් පීඩාවට පත් වූයේ ටෙක්සාස් හි කර් ප්‍රාන්තයයි. එහිදී ළමුන් 15 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ට්‍රැවිස් ප්‍රාන්තයේ පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර බර්නෙට් ප්‍රාන්තයේ ද දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා. තවත් අයෙකු ටොම් ග්‍රීන් ප්‍රාන්තයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Share This