මධ්‍යම නයිජීරියාවේ මරිගා නගරයේ සුසාන භූමියක සොහොන් 1500කට වැඩි ප්‍රමාණයක් ගංවතුරෙන් විනාශයි

මධ්‍යම නයිජීරියාවේ මරිගා නගරයේ සුසාන භූමියක සොහොන් 1500කට වැඩි ප්‍රමාණයක් ගංවතුරෙන් විනාශයි

මධ්‍යම නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ ගංවතුර හේතුවෙන් මරිගා නගරයේ සුසාන භූමියක සොහොන් 1500කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

පසුගිය සතිය තුළ පමණක් ගංවතුරෙන් ගසාගෙන ගොස් ඇති සොහොන් සංඛ්‍යාව 500කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මරිගා නගරයේ ප්‍රධානී ඉමාම් අල්හාසන් මුසා නයිබි බීබීසී පුවත් සේවයට පවසා තිබෙන්නේ දිරාපත් වූ සිරුරු 1000ක් යළි ගොඩගෙන ඇති බවයි.

එම ප්‍රදේශයට දින කිහිපයක් පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයන් ඇතිව තිබෙන අතර වසර 500 කට පෙර සුසාන භූමිය ස්ථාපිත කිරීමෙන් පසු කිසි දිනෙක එවැනි විනාශයක් අත්විඳ නැති බවද මරිගා නගරයේ ප්‍රධානියා පවසනවා.

සුසාන භූමිය ගඟක් අසල පිහිටා ඇති අතර ප්‍රදේශවාසීන් පවසා තිබෙන්නේ මෑතකදී සුසාන භූමිය අසල රන් කැණීම් කටයුතු හේතුවෙන් එය අවදානමට ලක්ව ඇති බවයි .

ධාරානිපාත වර්ෂාව දිගටම පවතින බැවින් ඉදිරි සතිවලදී තවදුරටත් ගංවතුර තත්ත්වය අපේක්ෂා කරන බව එරට බලධාරීහු පවසන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This