
මනම්පිටිය , පැළටියාවේ දී යතුරු පැදි අනතුරකින් තරුණයන් දෙදෙනකුට බරපතලයි
මගුල්දමනේ සිට මනම්පිටිය දක්වා ගමන් කරමින් තිබු යතුරු පැදියක් පැළටියාව ප්රදේශයේදී 18 වෙනිදා රාත්රි 8.30 ට පමණ මී ගවයකුගේ හැපී අනතුරට ලක් වීමෙන් යතුරුපැදියේ ගමන් ගත් තරුණයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ මෙම අනතුරෙන් මී ගවයා එතනම මියගොස් ඇති බවයි.
අනතුරුට හේතුව යතුරුපැදිය අධික වේගයෙන් සහ අපරීක්ෂාකාරීව ධාවනය කිරීම බවද පොලිසිය පැවසුවා.
තුවාල ලබා ඇත්තේ පැළටියාව, මඟුල්දමන ප්රදේශයේ තරුණයන් දෙදෙනෙක්.
මනම්පිටිය , පැළටියාවේ දී යතුරු පැදි අනතුරකින් තරුණයන් දෙදෙනකුට බරපතලයි

