
මන්ත්‍රී රෝහිත ගේ දුව පොලීසියට බාර වෙයි (VIDEO)
කොටස් එකලස් කර තනන ලද සැකකටයුතු ජීප් රථය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන මහතාගේ දියණිය අද (30) මීට සුළු මොහොතකට ඉහතදී පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත පැමිණ බාර වූ බව එම ඒකකයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී උදය කුමාර මහතා පැවසුවා.
එම සැකකාරිය නීතිඥවරයකු මාර්ගයෙන් භාර වී තිබෙනවා.
ඉකුත් 20 වෙනිදින එකී සැක කටයුතු ජීප් රථය පදවාගෙන යමින් සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර පසුව ඇපමත මුදා හැර තිබුණා.
මෙම සැකකටයුතු ජීප් රථය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභේ ගුණවර්ධන මහතාගේ බෑනාද මීට පෙර පොලීසියට බාරවීමෙන් පසුව අත්අඩංගුවටට ගෙන ලබන මස 01 දක්වාම රක්ෂිත බන්ධනාගාර ගත කළා.
පොලිසියට බාර වූ සැකකාරිගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අද දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද ජීප් රථයක් සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ අනුව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා වන රසික විතාන මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණා.