මන්ත්රීට බිත්තර සමග මිරිස් කුඩු ප්රහාරයක් – ගැහුවෙත් මන්ත්රීවරියක් ? (VIDEO)
කොළඹ මහ නගර සභාවේ ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රී ප්රදීප් ජයවර්ධන මහතාට ඊයේ (31) පෙරවරුවේ එහි පැවැති කමිටු රැස්වීමක දී මිරිස්කුඩු මිශ්ර කුණුබිත්තර ප්රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් අද (01) පුවත්පත් තොරතුරු වාර්තා කර තිබෙනවා.
කොළඹ මහනගර සභාවේ පරිසර කමිටුවට සභාපතිවරයකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමක් නගර සභා කමිටු ශාලාවක දී පැවැති අතර ඡන්ද විමසීමෙන් අනතුරුව මිරිස් කුඩු මිශ්රිත කුණු බිත්තර ප්රහාරය එල්ල කර ඇත්තේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේම මන්ත්රීවරියක බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
පරිසර හා ඉඩම් ස්ථාවර කමිටුවේ සභාපතිධුරය ලබා ගැනීමට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රදීප් ජයවර්ධන සහ එම පක්ෂයේම සමන් අබේගුණවර්ධන යන මහත්වරු ඉදිරිපත්ව සිටියා.
ඒ සඳහා පැවැති රහස් ඡන්ද විමසීමේදී ප්රදීප් ජයවර්ධන මහතාට ඡන්ද 4ක්ද සමන් අබේගුණවර්ධන මහතාට ඡන්ද 2ක් ද වශයෙන් ලැබී ජයවර්ධන මහතා ජයග්රහණය කර තිබෙනවා.
සමන් අබේගුණවර්ධන මහතා පරාජයට පත්වීම ඉවසාදරාගත නොහැකි ව මෙම සභාවේම මන්ත්රීවරියක වන ඔහුගේ දියණිය එහිදී මෙම කුණු බිත්තර ප්රහාරය එල්ල කර ඇතැයි ද සඳහන්.
රහස් ඡන්ද විමසීමේ ප්රතිඵල ප්රකාශයට පත්කිරීමත් සමග මන්ත්රීවරිය සිය අත්බෑගයේ සඟවාගෙන සිටි යමක් එළියට ගෙන ප්රදීප් ජයවර්ධන මහතා දෙසට දමා ගැසූ බව එම අවස්ථාවේ සිටි නාගරික මන්ත්රීවරයෙක් පුවත්පතකට සඳහන් කර තිබුණා.
එම බෑගය වැනි දෙයක් ප්රදීප් ජයවර්ධන මහතාගේ හිසට වැදී පුපුරා ගිය බව ද ප්රදිප් ජයවර්ධන මන්ත්රීවරයාගේ මුළු ශරීරයම දුගඳ හමන කුණු බිත්තරවලින් පෙඟී ගිය බව ද ඔහු සඳහන් කර තිබෙනවා.