මනිපූර් හි මධ්‍යම අමාත්‍යවරයාගේ නිවසට ගිනි තබයි

මනිපූර් හි මධ්‍යම අමාත්‍යවරයාගේ නිවසට ගිනි තබයි

ඉන්දියාවේ මනිපූර් හි පිහිටි මධ්‍යම අමාත්‍ය ආර්.කේ. රන්ජන් සිංගේ නිවසට ඊයේ (15) රාත්‍රීයේ ගිනි තබා තිබෙනවා.

ඒ සඳහා 1,000 කට අධික පිරිසක් පැමිණ ඇති බව සඳහන්.

සිද්ධිය වන අවස්ථාවේ ඔහු නිවසේ සිට නොමැති අතර එම අවස්ථාවේ අමාත්‍යවරයාගේ නිවසේ ආරක්ෂක නිලධාරීන් 22දෙදෙනෙකු රාජකාරියේ නිරතව සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ

ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී පිරිස සෑම පැත්තකින්ම පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කළ බව ද අමාත්‍යවරයාගේ නිවසේ ආරක්‍ෂක නිලධාරීන් සඳහන් කළා

මනිපූර්හි මධ්‍යම අමාත්‍යවරයාගේ නිවසට මැර ප්‍රහාරයක් එල්ල වූ දෙවන අවස්ථාව මෙය වනවා

Share This