මරදානේදී දුම්රියක් පීලි පනී (VIDEO)

මරදානේදී දුම්රියක් පීලි පනී (VIDEO)

මරදාන දුම්රිය ස්ථානයේදී අද (25) උදෑසන දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

ඉන්ධන ප්‍රවාහන දුම්රියක් මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ හේතුවෙන් දුම්රිය වේදිකාවට ද දැඩි හානි සිදුව ඇති අතර ඒ අනුව මරදාන දුම්රිය ස්ථානයේ 1, 2, සහ 3 යන දුම්රිය වේදිකා අවහිර වී තිබෙනවා.

මරදාන දුම්රිය ස්ථානයෙන් සහ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලු දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

 

 

Share This