
මරදාන – දේවානම්පියතිස්ස මාවතේ නිවාස දෙකක් ගිනි ගෙන දැවේ
මරදාන දේවානම්පියතිස්ස මාවතේ නිවාස දෙකක් අද අලුයම ගිනිගෙන තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ අද අලුයම පහයි තිහට පමණ ගින්න ඇතිවී තිබෙන බවයි.
කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඩ පවත්වා තිබෙනවා.
ගින්නට හේතුව තවමත් සොයාගෙන නැහැ.
ගින්නෙන් එම නිවාස දෙකේ බඩු භාණ්ඩ සියල්ලම විනාශ වී තිබෙනවා.
