මර්වින් ජනාගේ “බඩොවිට ආශා” අත්අඩංගුවට …

මර්වින් ජනාගේ “බඩොවිට ආශා” අත්අඩංගුවට …

දෙහිවල පොලිස් වසමේ, බඩෝවිට අදියර 3 ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි අළුත්ගෙදර දිල්රුක්ෂි අයේශා චතුරංගනී නොහොත් “බඩෝවිට ආශා ” අයිස් ග්‍රෑම් 60 සමග දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය 2016 වසරේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අවස්ථා ගන්නාවකදී බන්ධනාගාර ගත වූ කාන්තාවක්.

අත්අඩංගුවට ගත් “බඩොවිට ආශා” නැමැති කාන්තාව තවත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම අපරාධකරුවකු වන “මර්වින් ජානා” නැමැත්තා සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් කලක සිට ඔහුගේ මත්ද්‍රව්‍ය විකීණිමද සිදුකරගෙන ගොස් තිබෙනවා.

“මර්වින් ජානා” අත්තිඩිය “පොඩි චානා” ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවන අතර රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබා එළියට පැමිණියේ පසුගිය මාසයේයි.

කලක් ඔහු ” කුඩු දිලිනි” නැමැති කාන්තාව සමඟද සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබුණා.

බන්ධනාගාරයෙන් ඇප ලබා එළියට පැමිණි “මර්වින් ජානා” විදෙස් රටක සැඟවී සිටින තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවකු වන “රසල් ස්මිත්” සමඟ සම්බන්ධතා පවත්වාගෙන යන අතර ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලයටද සම්බන්ධවී කටයුතු කරන බව ද වාර්තා වනවා.

සැකකාර කාන්තාව ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කොට දින හතක නියෝග ලබා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.

Share This