
මලල ක්‍රීඩක ඉසුරු ලක්ෂාන් තහනම් උත්තේජක චෝදනාවෙන් නිදහස්
මලල ක්‍රීඩක ඉසුරු ලක්ෂාන් තහනම් උත්තේජක චෝදනාවෙන් නිදහස් බව ඔහුගේ නීතිඥයා වන ජ්‍යෙෂ්ඨ නීතිඥ රනිල් ප්‍රේමතිලක මහතා පවසනවා.
ඒ පිළිබදව ඔහුට ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජිතායතනය දැනුම් දී තිබෙනවා.
එහි දැක් වෙන්නේ මේ වසරේ ජූනි 03 සහ ජූලි 03 යන දෙදින තුල ජාතික ක්‍රීඩා විද්‍යායතනය මගින් පැවැත් වු විනය පරීක්ෂණයේ දී එකී චෝදනාවෙන් ඉසුරු ලක්ෂාන් නිදහස් බව දන්වා ඇති බවයි.
ඒ අනුව ඔහුට එරෙහිව පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කර තිබෙනවා.