
මල් තුහිනවලින් නැහැවෙන කාලගුණ වෙනස
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
අද දින සිට ඉදිරි දින කිහිපයේ හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බව සඳහන්.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌවපළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි වාර්තා වන්නේ.