මලාවිහි රජයේ ප්‍රධාන දෙපාර්තමේන්තු කාර්යාලයේ ඇතිවූ ගින්න ගැන විමර්ශන ඇරඹේ

මලාවිහි රජයේ ප්‍රධාන දෙපාර්තමේන්තු කාර්යාලයේ ඇතිවූ ගින්න ගැන විමර්ශන ඇරඹේ

මලාවිහි ලිලොන්ග්වේ අගනුවර පිහිටි වැදගත් ලියවිලි සහිත රජයේ ප්‍රධාන දෙපාර්තමේන්තු කාර්යාලයේ ඇතිවූ ගින්න පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව එරට රජය පවසා තිබෙනවා

මෙම ගින්නෙන් රජයේ කොන්ත්‍රාත් අංශය, ජනාධිපති කාර්යාල දෙපාර්තමේන්තුව සහ කැබිනට් මණ්ඩලය සතු ලියකියවිලිද විනාශ වී ඇති අතර මහල් හතකින් යුත් මෙම රජයේ ගොඩනැගිල්ලක අවසන් මහල් දෙක ද විනාශ වී ඇති බවයි පැවසෙන්නේ

මෙම ගින්නෙන් ඉඩම් අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තු දෙකක් ද විනාශ වී ඇති අතර ඉඩම් ලියාපදිංචි කිරීමේ ලියවිලි සහ ඔප්පු ලේඛනද තිබී ඇති අතර
අධිකරණයේ ප්‍රජා සේවා දෙපාර්තමේන්තුව ද ගිනිබත් වී තිබෙනවා .

ගින්නට හේතුව තහවුරු කිරීම සඳහා වෙනත් ආරක්ෂක ආයතනවල සහාය ඇතිව පොලිසිය විසින් මෙහෙයවන පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බවයි තොරතුරු සහ ඩිජිටල්කරණ අමාත්‍යවරයා පවසන්නේ .

එමෙන්ම තොරතුරු අමාත්‍යවරයා පැවසුවේ දත්ත ඩිජිටල් ලෙස ගබඩා කර ඇති හෙයින් තොරතුරු නැතිවීම ගැන ජනතාවට කම්පා නොවන ලෙසයි

පරීක්ෂණ කඩිනමින් පවත්වා එහි ප්‍රතිඵල ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා

Share This