මව සහ දියණිය කොවිඩ් වැළඳී මරුට – පියාත් මියගොස් සිරුර ‘රහසේම ‘ මිහිදන් කරලා

මව සහ දියණිය කොවිඩ් වැළඳී මරුට – පියාත් මියගොස් සිරුර ‘රහසේම ‘ මිහිදන් කරලා

පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ එකම නිවසේ පදිංචිව සිටි මවක් හා දියණියක් කෝවිඩ් ආසාධනය වීමේන් මරණයට පත්ව තිබෙනවා.

ඊට දින දෙකකට පෙර පියා ද මරණයට පත්ව ඇති අතර ඔහුගේ සිරුර රහසේම වෙප්පමඩුව මුස්ලිම් සුසාන භුමියේ මිහිදන් කර ඇති බවයි පුත්තලම පොලිසියට ලැබුණු පැමිණිල්ලක සඳහන් වුණේ.

මෙසේ කෝවිඩ් ආසාධිතව මරණයට පත්ව ඇත්තේ පුත්තලම මන්නාරම මාර්ගයේ වෙප්පමඩුව පදිංචිව සිටි 51 හැවිරිදි සිත්ති අජීබා හා ඇගේ දියණිය බව කියන 37 හැවිරිදි ෆාතිමා සහානා නැමති එකම නිවසේ පදිංචි අයයි.

මෙම පවුලේ ගෘහ මුලිකයා වු 56 හැවිරිදි මොහොමඩ් නිස්තාර් නැමති අය ඊට දින කිහිපයකට පෙර මරණයට පත්ව ඇති අතර වෙප්පමඩුව මුස්ලිම් සුසාන භුමියේ ඔහුගේ සිරුර මිහිදන් කර ඇති බව වාර්තා වනවා.

Share This