මව සහ සහෝදරයා එක්ව ගැබිණි තරුණියකට ගිනි තියයි

මව සහ සහෝදරයා එක්ව ගැබිණි තරුණියකට ගිනි තියයි

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි හාපූර් ප්‍රදේශයේ ගැබිණි තරුණියක්ව ඇගේ මව සහ සහෝදරයා විසින් කැලෑවකට රැගෙන ගොස් ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තරුණිය බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා.

තම අවිවාහක දියණිය ගැබ්ගෙන ඇති බව දැනගත් පසු පවුලේ අය දැඩි කෝපයට පත්ව සිටි බවයි පොලිසිය සඳහන් කරන්නේ.

දරුවාගේ පියා ගැන ඔවුන් ඇගෙන් විමසා ඇතත් ඇය ඔවුන්ට කිසිම තොරතුරක් හෙළි කර නැහැ.

21 හැවිරිදි මෙම කාන්තාවගේ මව සහ සොහොයුරා විසින් ඇයව කැලෑවකට රැගෙන ගොස් ගිනි තබා ඇති බව සඳහන්.

කාන්තාවගේ කෑගැසීම ඇසී වනාන්තරයේ සිටි ගොවීන් ඇයව සොයාගෙන රෝහලකට රැගෙන ගොස් තිබෙනවා.

ඇයගේ මව සහ සහෝදරයා පොලිස් අත්අඩංගුවේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This