මසකදී ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

මසකදී ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

ගෝලීය වශයෙන් වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ගත වූ සති හතරක කාලය තුළ සියයට 52කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ඒ අනුව මාසයකදී කොවිඩ් රෝගින් 850,000ක ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි

එමෙන්ම, මේ හේතුවෙන් නව මරණ 3,000 කට වඩා වාර්තා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ

පසුගිය දෙසැම්බර් 17 වන විට, COVID-19 ආරම්භයේ සිට ගෝලීය වශයෙන් තහවුරු වූ රෝගීන් මිලියන 772 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ මිලියන හතකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා

Share This