
මහකනදරාව වැවේ දෙපස ඉවුරු ඛාදනය වී මාර්ගයට හානි වීමේ අවදානමක්
මහකනදරාව වැව මැදින් වැටී ඇති මාර්ගය දෙපස ඉවුරු ඛාදනයට ලක්වීමත් සමඟ එහි අනාරක්‍ෂිත බවක් මතුව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මේ පිළිබඳ අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළත් තාවකාලික පිළියමක් ලෙස ස්ථිර විසඳුමක් ලබාදීමට ඔවුන් අපොහොසත් වී ඇති බවයි.
මේ පුත්තලම, අනුරාධපුරය හරහා ත්‍රිකුණාමලය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයයි.
ප්‍රධාන නගර යා කරමින් අත්‍යවශ්‍ය සැපයුම් ද්‍රව්‍ය ප්‍රවාහනය කෙරෙන්නේ මහකනදරාව වැව මැදින් වැටී ඇති මෙම මාර්ගය හරහායි.
නමුත් මේ වනවිට වැව මතින් වැටී ඇති මාර්ගයේ ස්ථාන කිහිපයකම ඉවුරු ඛාදනය වී තිබෙනවා.
ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ මේ පිළිබඳ අදාළ බලධාරීන් දැනුවත් කළත් නිසි විසඳුමක් මෙතෙක් ලැබී නොමැති බවයි.
උතුරු ජල ව්‍යාපෘතිය සඳහා මොරගහකන්ද ජලාශයෙන් ජලය ගෙනවිත් මහකනදරාව වැවට දමා මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණා.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අඟල් 8 කින් වැවේ වාන ඉස්සීම නිසා වැවේ ජල ධාරිතාව වැඩිවීමෙන් මෙම ඉවුරු ඛාදනය සිදුවන බවට ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.
ඔවුන් ඉල්ලා සිටින්නේ වැවේ ඉවුරු ඛාදනය තවදුරටත් සිදුවී වැව් බැම්ම කැඩීයාමට පෙර මෙම සැපයුම් මාර්ගය ආරක්‍ෂා කර ගැනීම සඳහා තාවකාලික පිළියම් වෙනුවට ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙසයි.