උත්සව සමයේ සුරා බදු වැටලීම්වලින් පුද්ගලයින් 1915 ක් අත්අඩංගුවට

උත්සව සමයේ සුරා බදු වැටලීම්වලින් පුද්ගලයින් 1915 ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුව විසින් පසුගිය 07 වැනිදා සිට 24 වැනිදා දක්වා සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව කාල සීමාව තුළ පුද්ගලයන් 1915ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා වැටලීම් 1915 ක් සිදු කර ඇති බව සඳහන්.

මෙම වැටලීම් සිදු කර ඇත්තේ දිවයින පුරා පිහිටි සුරා බදු ස්ථාන 57ක් හා සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යංශ 05ක් මෙන්ම සුරා බදු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්වයි.

මෙම වැටලීම්වලදී ඔවුන් භාරයට ගත් භාණ්ඩවල වටිනාකම රුපියල් මිලියන 9.5ක් බව සඳහන්.

එම උත්සව කාල සීමාව තුළ මත්පැන් විකිණීම සදහා සුරා බදු බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිතව වැරදි 216 ක් වාර්තා වී තිබෙනවා.

මෙම වැටලීම් අතරින් වැඩිම ප්‍රමාණයක් මහජනතාව විසින් සෘජුව සහ 1913 දුරකථන අංකය ඔස්සේ සුරාබදු මූලස්ථානයේ ස්ථාපිත කර ඇති මෙහෙයුම් මැදිරිය මගින් ලබාදෙන ලද පැමිණිලි හා තොරතුරු මත සිදු කරන ලද වැටලීම් වීම විශේෂත්වයක්

1913 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ හෝ 011 2 877 688 අංකයට ෆැක්ස් මගින් ද පැමිණිලි සිදු කිරීම සදහා අවස්ථාව පවතිනවා

මීට අමතරව [email protected] විද්‍යුත් තැපෑල මගින් ද එම පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ

Share This