මහනුවර අයිස් විකිනූ ස්පා කාන්තාවක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

මහනුවර අයිස් විකිනූ ස්පා කාන්තාවක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

මහනුවර නගර මධ්‍යයේ සම්මාන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් අයිස් ජාවාරමේ නිරත වූ කාන්තාවක් සහ ඇයට මත්ද්‍රව්‍ය සැපයූ බව කියන පුද්ගලයා මහනුවර මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත් ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහකට ආසන්න ප්‍රමාණයකුත්,ඇයට මත්ද්‍රව්‍ය සැපයූ පුද්ගලයා සතුව තිබී ග්‍රෑම් දහයකට අධික අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයකුත් සොයා ගත් බවයි.

ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ඉෂාර නැමැති පුද්ගලයෙකු මෙම ජාවාරමේ මූලිකයා බවට කරුණුව අනාවරණය කරගෙන තිබෙනවා.

Share This