මහනුවර දළදා අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර දළදා අවසන් කුඹල් පෙරහැර අද

ශ්‍රී ලාංකේය අභිමානයේ සංකේතයක් වන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අදත් වීථී සංචාරය කිරීමට නියමිතයි.

අද පෙරහර පස්වරු 06.43ට යෙදෙන සුබ නැකතට පෙරහැර වීථි සංචාරය කිරීම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

අවසන් කුඹල් පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතව ඇති අතර, හෙට සිට රන්දෝලි පෙරහැර මංගල්‍ය ආරම්භ වීමට නියමිතයි.

අවසන් මහා රන්දෝලි පෙරහැර අගෝස්තු 08 දින වීථි සංචාරය කිරීමට නියමිතව ඇති අතර අගෝස්තු 09 වැනිදා පවත්වනු ලබන දහවල් පෙරහැරින් පසුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය චාරිත්‍රානුකූව නිමාවට පත් වනු ඇති.

Share This