
මහනුවර මහ රෝහලේ ඉහළ මහළකින් වැටී පුද්ගලයෙක් මරුට
මහනුවර මහ රෝහලේ ගොඩනැගිල්ලකින් පහළට ඇදවැටී බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මහනුවර රෝහල් පොලිසිය පැවැසුවේ රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බවයි.
ඊයේ සවස 3.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, කොන්ත්රාත් පදනම මත රෝහලේ ගොඩනැගිලි පිංතාරු කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි රෝහල් පොලිසිය පැවසුවේ.
ඔහු උස් ගොඩනැගිල්ලක තෙවන මහලේ ජනේලයක් අසළ තීන්ත ආලේප කරමින් සිටියදී එක්වරම බිම ඇදවැටී තිබෙනවා.
අනතුර සිදුවූ විගස ඔහු රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළද ජීවිතය බේරා ගැනීමට හැකි වී නැහැ.
මියගොස් ඇත්තේ, කටුගස්තොට ප්රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙක්.