මහරගම සම්බන්ධීකරණ කමිටුව ඇවිලෙයි – නගර සභාවේ වංචා රැසක් එළියට

මහරගම සම්බන්ධීකරණ කමිටුව ඇවිලෙයි – නගර සභාවේ වංචා රැසක් එළියට

“මහරගම ග්‍රාමීය බැංකු එකොළහයි එකොළහම වහලා.

කඩතිස් තුනයි තිස්තුනම වහලා.

කෝටි මිලියන 850 ක් දේශපාලකයො හොරා කාලා.

පඩි ගෙවන්නේ සෙඩ් එකෙන් ලැබෙන ආදායමෙන්….

ප්‍රාදේශීය ලේකම් කාර්යාල හතරකට අයත් බත්තරමුල්ල සුරාබදු කාර්යාලයේ රාජකාරී සඳහා අනුයුක්තව ඉන්නේ නිලධාරීන් දෙන්නයි.

එයිනුත් එක්කෙනෙක් මේ දිනවල පුහුණුවකට ගිහින්…”

මේ කරුණු අනාවරණය වුණේ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී, සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරකට අයත් බත්තරමුල්ල සුරාබදු කාර්යාලයේ රාජකාරී සඳහා අනුයුක්තව සිටින්නේ සුරාබදු පරීක්ෂකවරුන් දෙදෙනෙකු පමණක් බවට ඊයේ (31) මෙම කමිටු රැස්වීමේ දී අනාවරණය වුණේ මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගල මහතා සුරා බදු වැටලීම් පිළිබඳව විමසූ අවස්ථාවේදීයි.

එහිදී අදහස් දැක්වූ බත්තරමුල්ල සුරාබදු පරීක්ෂක ඕ.ජී.රෝහණ මහතා මෙලෙස පැවසුවා.

” 2025 වසරේදී කසිප්පු ලග තබා ගැනීමේ වැටලීම් 259 කළා. අපිට තව කරන්න තිබුණා නමුත් අපිට ඉන්නේ නිලධාරීන් දෙන්නයි. ඒකෙනුත් එක් නිලධාරියකු මේ දවස්වල පුහුණුවකට ගිහිල්ලා.මං විතරයි මේ දවස්වල ඉන්නේ.

නියෝජ්‍ ඇමති සුනිල් වටගල මහතා – ප්‍රදේශයක නීති විරෝධී මත්පැන් පාලනය කිරීමට අයිතිය තියෙන්නේ සුරා බදු නිලධාරීන්ට. පොලිසියේ මේ කරන්නේ සබ් එකක්. අනුන්ගේ කොන්ත්‍රාත්තුවක්. ඔබතුමාල බලන්න හොර ලේබල් ගහලා ඩුබ්ලිකේට් විකුණනවා. ඒක හොඳට බලන්න එහෙම වුණොත් අපේ ආදායම අඩු වෙනවා.
මම අද උදෙත් කතා කළා සුරාබදු කොමසාරිස්වරයා සමඟ ඒ අවශ්‍ය කරන පහසුකම් ටික ඉදිරියේදී ලැබේවි.

ඉන් පසුව සෑම පොලිස් ස්ථානයකම මේ දිනවල සිදුකරන වැටලීම් පිළිබඳව විමසීමක් කළා. ඊට පිළිතුරු ලබා දුන් කොට්ටාව පොලිසියේ ප්‍රජා පොලීස් ඒකකයේ ස්ථානාධිපතිවරයා ලබා දුන් පිළිතුරට නාගරික මන්ත්‍රීවරයකු විරෝධය පළ කරමින් කියා සිටියේ ඔය වාර්තාව පිළිගන්න බෑ. ජනතා ප්‍රසාදය තියෙන්නේ ඔහොම නෙමෙයි කියාය.

මෙහිදී ඊළඟ චෝදනාව එල්ල වූයේ සම්බන්ධීකරණ කමිටු සභාපති දේවානන්ද සුරවීර මහතා ගෙන් ” මහරගම ආසනයේ ග්‍රාමීය බැංකු එකොළහක් තියෙනවා. එකොළම වහලා.ගනුදෙනුකරුවෝ තුන්දාහක් ඉන්නවා. ඉන් 2000 ණය දීල.මිලියන 1150 තැම්පත් කරුවන්ගෙ සල්ලි.මිලියන 250 ණය දීල.මිලියන 850 වෙච්ච දෙයක් නෑ.

මහරගම සමූපාකාරය කෑවේ කවුදැයි මම හොඳට දන්නවා. කඩ තිස්තුනක් තිබුණත් 33 ම වහල . පඩි ගෙවන්නේ සෙඩ් එකෙන් ලැබෙන ආදායමෙන්.

මේ වෙනකොට විජේරාමෙ ඉඩමක් කෝටි 16 විකුණලා තැන්පත්කරුවන්ගේ තැන්පත් මුදල් වලින් කොටසක් දෙන්න හදන්නේ. මේ ප්‍රශ්නය ගැන මේ දිනවල ඉහළ බලධාරීන් කතා කරනවා.

අවිස්සාවේල්ල දෙහිවල මහරගම ලොස්…ටිකක් හරි ඔලුව උස්සලා තියෙන්නේ හෝමාගම සමූපාකාරය විතරයි.

හොරා කාපු සෙට් එකට විරුද්ධව මේ වෙනකොට අල්ලස් එකේ නඩු දැම්මා..ඔවුන්ට දඬුවම් කරනවා.” යැයි පැවසුවා.

 

Share This