
මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කීර්ති කොටගම අත්අඩංගුවට
මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බණ්ඩාර කොටගම දූෂණ වරද සහ පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහවැලි අධිකාරියට අයත් ඉඩමක ඉදිකර ඇති ගොඩනැගිල්ල ඇතුළු දේපළ 2022 වසරේ මැයි 09 ජනතා අරගලයේ දී හානියට පත් වූ පසු වන්දි ලබාගැනීමට උපයෝගී කර ගැනීම සඳහා එම දේපළ මොණරාගල දිත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂගේ සේවකයකු වන මනෝජ් හේමලාල් ඒකනායක නමින් බලපත්‍රයක් සකස් කිරීම සඳහා තමා යටතේ සේවය කරන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ව්ලව කලාපයේ නේවාසික කළමනාකරු අතුළු එහි නිලධාරීන්ට බලපෑම් සිදු කිරීම ඔහුට ඇති එක් චෝදනාවක් වනවා.
ශෂින්ද්‍ර රාජපක්ෂට ඉහත වන්දි මුදල් ලබාගැනීම සඳහා ආධාර අනුබල කිරීමෙන් 1992 අංක 12 දරණ පොදු දේපළ පනතේ 5(01) වගන්තියට අනුව වරදක් කිරීමට අනුබල දීම අනෙක් චෝදනාවයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසන්නේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 133 සහ 135 වගන්තිය සමග කියවෙන එම පනතේ 111 වගන්තියේ සඳහන් දූෂණය නමැති වරද සිදු කිරීම මත කීර්ති බණ්ඩාර කොටගම ඊයේ (09) අත්අඩංගුවට ගත් බවයි.
– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
