මහවැලි ගගේ දිය නෑමට ගිය තරුණයෙක් මරුට

මහවැලි ගගේ දිය නෑමට ගිය තරුණයෙක් මරුට

මහනුවර, පොල්ගොල්ල මහවැලි වේල්ලට නුදුරු උඩඟුන්නෑපාන ප්‍රදේශයේ මිතුරන් සමග මහවැලි ගඟේ දිය නෑමට ගිය 18 හැවිරිදි තරුණයෙක් දියේ ගිලී මරණයට පත්ව තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (23) පස්වරු 3 ට පමණයි.

මේ බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොල්ගොල්ල වේල්ල දොරටු වසා පහළ කොටසේ ජලය අඩු කිරීමෙන් පසු මියගිය තරුණයාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

මෙසේ මරණයට පත්ව ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි සංදීප කුමාර නැමැති 18 හැවිරිදි වෘත්තීය අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක්.

Share This