මහවැලි බී කලාපයේ විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය මදුරු තවානක්

මහවැලි බී කලාපයේ විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය මදුරු තවානක්

පොළොන්නරුව මහවැලි බී කලාපයට අයත් අරුණපුර පිහිටි විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය මේ වන විට අභාවයට යමින් පවතින බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මත්ස්‍ය අභිජනන ටැංකිවල ජලය පිරී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බවට පත්ව තිබීම නිසා ජනතාවගේ සෞඛ්‍යයටද දැඩි තර්ජනයක් එල්ල වී තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මහවැලි බී කලාපයේ අරුණපුර ප්‍රදේශයේ පිහිටි මෙම මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ 1987 වසරේදී ඉදිකිරීමට එවකට මහවැලි අධිකාරිය විසින් කටයුතු කළා.

මෙම විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය මඟින් ආරම්භයේදී ප්‍රදේශයේ මත්ස්‍ය වගාකරුවන් සම්බන්ධ කර ගනිමින් විසිතුරු මසුන් විදේශ රටවලට අලෙවි කර විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට සමත්ව තිබුණා.

කෙසේ වෙතත් පසුකාලීනව මෙම මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය භාරව කටයුතු කළ බලධාරීන් සිය වගකීම්වලින් බැහැරවීම මත මෙම මධ්‍යස්ථානය විනාශ මුඛයට යමින් තිබෙනවා.

වසර 15 කට වැඩි කාලයක් මහවැලි අධිකාරියේ බලධාරීන්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් මෙය ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ලවී තිබෙනවා.

Share This