
මහසිලු ඇතාගේ සිරුර වෙල් යායක තිබී සොයා ගනී
බුත්තල සහ ඔක්කම්පිටිය යන ප්රදේශවල සැරිසරමින් සිටි මහසිලු ඇතාගේ මළ සිරුර ඔක්කම්පිටිය ඉලුක්පිටිය ප්රදේශයේ වෙල් යායක තිබී අද (11) උදෑසන සොයාගෙන තිබෙනවා
මෙම ඇතාගේ මරණයට නිෂ්චිත හේතුවක් මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර ඇතාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි
හොදින් වැඩුණු දළ දෙකක් සහිතව ප්රදේශයේ තේජමානව සිටි මෙම ඇතාගේ මිය යාම සම්බන්ධයෙන් මේ වන විට වනජීවි නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරන බව සඳහන්