මහින්දානන්ද – නලින්ට එරෙහි නඩුව කල් යයි

මහින්දානන්ද – නලින්ට එරෙහි නඩුව කල් යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු සතොස සභාපති හිටපු කර්මාන්ත ඇමැති නලින් රුවන්ජීව ප්‍රනාන්දු, හිටපු සතොස සභාපතිවරයෙක් සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවාරච්චි යන අයවලුන්ට එරෙහි නඩුව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව ලබන ඔක්තෝබර් මස 10 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (04) නියෝග කළා

2015 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ රුපියල් මිලියන 39කට මුදල් වැය කර කැරම් බෝඩ් දහසක් සහ දාම් බෝඩ් දහසක් මිලදී ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා කාර්යාලවලට ක්‍රීඩා උපකරණ ලබා දී ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තියේ නීතිඥවරු සඳහන් කළේ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බව යි.

එහිදී විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ මුලික විරෝධතා සම්බන්ධයෙන් වාචික දේශන යලි ඔක්තෝබර් 10 වැනිදා ඉදිරිපත් කරන ලෙස එහිදී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා

එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සතොස සභාපතිවරයෙක් සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවාරච්චි යන අය විවෘත අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර නීතිඥවරු සඳහන් කළේ ඔහු දැඩි අසනිපයෙන් පසුවන බවත් අධිකරණ භුමියේ පිට නවතා ඇති වාහනයේ සිටින බවයි.

ඒ අනුව නීතිඥවරු ඒ සම්බන්ධයෙන්වන වෛද්‍ය වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කළ අතර එම විත්තිකරු නොමැතිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 වගන්තිය යටතේ නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට අවසර දෙන ලෙස එහිදී නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ

අධිකරණය හමුවේ පෙනී සිටිමට නොහැකි බවට නිසි වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර එම ඉල්ලීම කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා අවවාද කර තිබෙනවා

එහිදී නලින් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිතිඥ සංජය රාජරත්නම් මහතා ඉල්ලා සිටියේ නඩු විභාග පැවැත්වෙන දිනවල පමණක් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙසයි.

එහිදී මහාධිකරණ විනිසුරුවරයා එකී ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කලේ නඩු විධිවිධාන සංග්‍රහය අනුව සෑම විත්තිකරුවකුම නඩුව කැඳවන දිනවලදී අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු සතොස සභාපති හිටපු කර්මාන්ත ඇමැති නලින් රුවන්ජීව ප්‍රනාන්දු, යන අය බන්ධනාගාරය මගින් ඉදිරිපත් කළ අතර ඔවුන් විවෘත අධිකරණයේ පෙනී සිටියා

Share This