මහින්ද – වසූ බලන්න ගොස් අතීතය සිහිපත් කරයි

මහින්ද – වසූ බලන්න ගොස් අතීතය සිහිපත් කරයි

පැරණි සටන් සගයෙක් වන වාසුදේව නානායක්කාර මහතා හමුවී සුවදුක් විමසීම සඳහා එම මහතාගේ නිවසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොස් තිබෙනවා.

මේ පිළිබදව සිය සමාජ මාධ්‍ය ගිනුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ වාසුදේව නානායක්කාර මහතා සමග එක්ව දේශපාලනයේ යුග ගණනාවක් පසුකර ඇති බවයි.

” අප දෙදෙනාම දේශපාලනයට පිවිසියේ 1970 වර්ෂයේදීයි. මිත්‍රත්වය ඉතා පැරණියි. ඒ තරමටම සංකීර්ණයි. වාසු යනු අපූරු සටන් සගයෙක්. ආවේගශීලී චරිතයක්. හොඳ මිතුරෙක්.” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබුණා.

 

Share This