මහ බැංකුවෙන් තවත් ඩොලර් මිලදී ගැනීමක්

මහ බැංකුවෙන් තවත් ඩොලර් මිලදී ගැනීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 වසරේ අප්‍රේල් මාසය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 469.5ක් දේශීය, විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගෙන තිබෙනවා.

මීට අමතරව අමෙරිකානු ඩොලර් මිලියන 50ක් විදේශ විනිමය වෙළෙඳපොළ තුළ අලෙවි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බව සඳහන්.

මේ අනුව සළකා බැලීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 419.5ක් අප්‍රේල් මාසයේදී මිලදී ගෙන තිබෙනවා.

2024 ජනවාරි මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 245.3ක්, පෙබරවාරි මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 248.5ක් සහ මාර්තු මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 715.1ක් ලෙස මහ බැංකුව විසින් විනිමය මිලදී ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 වසරේ මුල් මාස 04 තුළ සමස්තයක් ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 1619.4ක් විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගෙන තිබෙනවා.

Share This