මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට ජාත්‍යන්තර ඇගයිමක්

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට ජාත්‍යන්තර ඇගයිමක්

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ග්ලෝබල් ෆයිනෑන්ස් මහ බැංකුකරු (Global Finance’s Central Banker Report Cards 2025) හීදි ‘A’ශ්‍රේණියේ ඇගයීමකින් පිදුම් ලැබුවා.

වොෂින්ටනයේ පැවති IMF-ලෝක බැංකු වාර්ෂික රැස්වීම්වලට සමගාමීව මෙම ඇගයීම් සම්මාන ප්‍රධානය සිදුවුණා.

යුරෝපීය සංගමය, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව හා තායිවානය ද අභිබවා යමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ග්ලෝබල් ෆයිනෑන්ස් මහ බැංකුකරු හී මෙම ඇගයීමට පාත්‍රවීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික අර්බුදයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඔහු දැක්වූ සුවිශේෂී දායකත්වය, විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්ති සහ උපායමාර්ගික දැනුම අගය කිරීමට මෙන්ම ගෞරවකිරීමට ලක්කරමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට මෙම ‘A’ශ්‍රේණිය ලබා පිරිනමා තිබෙනවා.

ග්ලෝබල් ෆිනෑන්ස් වාර්ෂික මහ බැංකුකරු අධිපතිවරුන් ඇගැයීම 1994 සිට සිදු කරගෙන එන අතර, එමඟින් ලොව ප්‍රධාන පෙළේ රටවල් 100කට ආසන්න සංඛ්‍යාවක මහ බැංකු අධිපතිවරුන් ඇගයීම සිදු කෙරේ.

මෙලෙස ලොව පුරා සිටින මහ බැංකු අධිපතිවරුගේ සාර්ථකත්වය සහ අසාර්ථකත්වය මැනීම සඳහා සහ උද්ධමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක, මුදල් ස්ථාවරත්වය, පොලී අනුපාත කලමනාකරණය, දේශපාලන ස්වාධීනත්වය වැනි ක්ෂේත්‍රවල ලබා තිබෙන සාර්ථකත්වය මත ‘A+’ සිට ‘F’දක්වා වූ කාණ්ඩ ගත කිරීමක් මෙහිදී සිදු කෙරෙනවා.

Share This