මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ සොරකමට තවත් සැකකරුවන් අත්අඩංගුවට

මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ සොරකමට තවත් සැකකරුවන් අත්අඩංගුවට

මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ භාණ්ඩ අස්ථානගතවීමක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

මෙම සොරකම සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් මස 26 සහ 28 යන දිනවල මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ බහු කාර්ය සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කරනු ලැබු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ

එමෙන්ම පසුගිය 2 වැනිදා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එදිනම මෙම අවි සොරකමට අනුබල දුන් හා මිලට ගැනීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා

අදාළ සැකකරුවන් විසින් ටී 56 ගිනිඅවියක් හා රිවෝල්වර අවියක් සොරකම් කර මුදලට විකුණා තිබූ අතර, එම අවි දෙක ද විමර්ශන නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා

මේ අතර රැඳවුම් නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කිරීමේ දී පසුගිය 2 වැනිදා අත්අඩංගුවට ගත් තෙවන සැකකරු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබී සොරකම් කර අලෙවි කරන ලද තවත් ගිනිඅවි දෙකක් සම්බන්ධව තොරතුරු අනාවරණය කර ඇති බවයි පොලිසිය පැවසුවේ

ඒ අනුව පසුගිය 4 වැනිදා සහ ඊයේ (06) ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ අවි දෙක රුපියල් 220,000ක මුදලකට මිලටගත් තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් වයස අවුරුදු 27, 30 හා 31 යන වයස්වල පසුවන නාඳුගල සහ වෙහෙරහේන ප්‍රදේශවල පදිංචිකරුවන්

Share This