
මාතලේ – කයිකාවල දී ග්‍රාමනිලධාරීවරයෙක් බස් රථයකට බිළි
රාජකාරී සඳහා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි ග්‍රාම නිලධාරිවරයෙකු මාතලේ , කයිකාවල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගැටී එම ස්ථානයේදීම මරණයට පත්ව ඇතැයි රත්තොට පොලිසිය පවසනවා.
රත්තොට පොලිසිය සදහන් කළේ මෙසේ මරණයට පත්ව ඇත්තේ මාතලේ,රත්තොට, කයිකාවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 වන හෙරත් මුදියන්සේලාගේ නිපුන් නවිදු විජේනන්ද යන අයකු බවයි.
අද (16) උදෑසනක් මෙම අනතුර සිදුව ඇති අතර මාතලේ ප්‍රදේශයේ සිට කුඹල්ඔළුව දක්වා ධාවනය කළ පෞද්ගලික බස් රථයක මෙම යතුරු පැදිය ගැටී තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.