මාධ්‍යවේදීන්ගේ දුරකථන ඉවත් කරයි – ඇමෙරිකානු ජනපති යුක්‍රේනයට ගිය ගමනේ රහසිගත තොරතුරු හෙළිවේ

මාධ්‍යවේදීන්ගේ දුරකථන ඉවත් කරයි – ඇමෙරිකානු ජනපති යුක්‍රේනයට ගිය ගමනේ රහසිගත තොරතුරු හෙළිවේ

ජෝ බයිඩන් යුක්‍රේනයේ කියෙව් අගනුවරට පැමිණි අනපේක්ෂිත සංචාරය පිළිබඳව දැඩි කතාබහක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

නිතිපතා ප්‍රහාරයට ලක්වන යුද කලාපයක ජනාධිපතිවරයා පෙනී සිටිම පිළිබඳවද ධවල මන්දිර නිලධාරීන් දැඩි විමසිල්ලෙන් සිටි බවයි පැවසෙන්නේ

ඇමරිකානු ජනාධිපතිවරයා පෝලන්තයේ සිටියදී යුක්‍රේනයට සංචාරයක් සැලසුම් කරනු ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබුණද එය සැබෑවක් විය නොහැකි බවටද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා

ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂ කේට් බෙඩිංෆීල්ඩ් පවසා තිබෙන්නේ මෙම ගමන අවදානම් සහගත වූ බවයි.

ඇමරිකානු ජනාධිපතිවරයා ඊයේ (20) සවස එක්සත් ජනපදයේ සිට වෝර්සෝ වෙත දින දෙකක සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව තිබුණා .

ජනාධිපතිවරයාගේ දින කාලසටහනේ ඔහුගේ ගමන් විස්තරයේ සැක සහිත තැන් දෙකක් තිබූ බවත් , ඔහු යුක්‍රේනයට යන්නේ කවදාදැයි බොහෝ දෙනා විමසිල්ලෙන් සිටි බවත් විදෙස් මාධ්‍ය පවසනවා .

දිනපතා ධවල මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී වාර්තාකරුවන් සංචාරය ගැන නැවත නැවතත් විමසා ඇති නමුත් සඳහන් කර ඇත්තේ යුක්‍රේන ජනාධිපතිවරයා සමග රැස්වීමක් සැලසුම් කර නොමැති බවයි

ඇමරිකානු ජනාධිපතිවරයා ගමන් ගත් ගුවන් යානයේ ඔහුගේ සමීපතම සහායකයින්, වෛද්‍ය කණ්ඩායමක් සහ ආරක්ෂක නිලධාරීන්ගෙන් යුත් කුඩා කණ්ඩායමක් පමණක් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජනාධිපතිවරයා සමග ගමන් කිරීමට අවසර ලැබී ඇත්තේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පමණක් වන අතර ඔවුන් රහසිගතව කටයුතු කරන බවට පොරොන්දු වීමෙන් පසු ඔවුන්ගේ ජංගම දුරකථන පවා ඉවත් කර තිබෙනවා .

ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරයා Kyiv වෙත පැමිණෙන තෙක්ම සංචාරය වාර්තා කිරීමට ඔවුන්ට අවසර නොලැබුණු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ජනාධිපති බයිඩන් කියෙව් වෙත යාමට දුම්රියක පැය 10ක කාලයක් ගත කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This