
මාධ්‍ය සංදර්ශන එපා – අනුරාධපුර ස.ජ.බ. මන්ත්‍රී ආණ්ඩුවට කියයි
මාධ්‍ය සංදර්ශන නවත්වා තම මන්ත්‍රී වරුන්ට ගමට ගොස් ඇත්ත සොයා බලන ලෙස දැනුම් දෙන්නැයි අනුරාධපුර දිස්ත්රියක් සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවර ගම් පළාත ඇතුළු හානියට පත් විලච්චිය ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාවට සිදුව ඇති විපත පිළිබඳව සොයාබලා ඔවුන්ට අවශ්‍ය වියලි ආහාර ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
ඇමති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී තඹුත්තේගම නගරය යටවී නැති බවට ප්‍රකාශ කිරීම කණගාටුවන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා සඳහන් කළේ ජනාධිපතිවරයා දිස්ත්‍රික්කවල රාජ්‍ය සේවකයින් සහ දේශපාලන අධිකාරිය සමඟ සිදුකරන සාකච්ඡාවලින් සාධාරණත්වයක් නොමැති බවයි.
සාකච්ඡාවල ප්‍රතිඵලය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් බව ද ගන්නා තීන්දු තීරණය ආපදාවට ලක් වූ ජනතාවට නිසි ලෙස නොලැබීම බරපතල ප්‍රශ්නයක් බව මන්ත්‍රීවරයා චෝදනා කළා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවරගම්පළාතේ 07 වන දිනය වන විටත් නැවත නිවෙස් සුද්ද පවිත්‍ර කර ගැනීම සඳහා ලබා දෙන මුදල හෝ රජය විසින් ලබාදිය යුතු ආධාර නොලැබී ඇතැයි ඔහු පවසනවා.
ඇතැම් කාන්තාවන් යට ඇඳුමක් පවා නොමැතිව සිටින බවත්, වැසිකිලියකට යෑමට ස්ථානයක් නොමැතිව අපහසුතාවයකට පත්ව ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නා.
ජනාධිපතිවරයා සිදුකළ යුත්තේ මෙම ජනතාවට සහන සැලසීම සඳහා ගන්නා තීන්දු තීරණ මහපොළොවේ ක්‍රියාත්මක වන්නේ ද යන්න සොයා බැලීම බවත්, මාධ්‍ය සංදර්ශන පමණක් සිදුකරන බවත් මන්ත්‍රී සුරංග රත්නායක මහතා චෝදනා කළා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආපදාව කමිටුවේදී ද ඊට නිසි ඇහුම්කන් දීමක් හෝ සිදු නොවීම බරපතළ ප්‍රශ්නයක් බව ඔහු සඳහන් කළා.
ධාරානිපාත වර්ෂාවක් පතිත වන බව දැනගෙන ජලාශ විවෘත නොකර සිටීම පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ විස්තර ලබා ගන්නා බවද හෙතෙම පැවසුවා.
