මාධ්‍ය හමුවක් තබා බොරු කී විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළෙද සංගමයට ඇමති වසන්ත උත්තර දෙයි

මාධ්‍ය හමුවක් තබා බොරු කී විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළෙද සංගමයට ඇමති වසන්ත උත්තර දෙයි

රජය විසින් ආර්ථික මධ්‍යස්ථාන 14 ක් පුද්ගලික සමාගමකට පැවරීමට යන බව සඳහන් කරමින් සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතිය පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාද පිළිතුරු ලබාදුන්නා.

රජය ආර්ථික මධ්‍යස්ථාන 14 ක් පුද්ගලික සමාගමකට පැවරීමට යන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතිය ඊයේ(13) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සඳහන් කර තිබුණා.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසන්නේ මේ මතය සම්පූර්ණ අසත්‍යක් බවයි.

දැනට ස්ක්‍රිය ආර්ථික මධ්‍යස්ථාන 14 ක් සහ වැඩ ආරම්භ නොකළ මධ්‍යස්ථාන 4 ක් ඇතුලත් ආයතන අයත් වන්නේ පූර්න රාජ්‍ය සමාගමකට බව ද සමර්සිංහ මහතා පෙන්වා දෙනවා.

දැනට ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යන භූමි විවිධ ආයතන සතුවන අතර ඒවා මෙම රාජ්‍ය සමාගමට ලබාගැනීමට කටයුතු කිරීම මෙන්ම ආර්ථික මධ්‍යස්ථාන ජාලය කා‍ර්යක්ෂම කිරීම සදහා කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඉදිරියේදී වාර්ෂිකව බදු ගිවිසුම් අත්සන් කිරීම රාජ්‍ය සමාගමේ අධ්‍යකෂ මණ්ඩලය ක්‍රියාත්මක කරන විදිමත් ක්‍රියාවලියක් බවද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැහැදිලි කළා.

ඊයේ සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතිය පැවැත් වූ මාධ්‍ය හමුව කරුණු වසං ක්‍ර්මින් පැවැත් වූ එකක් බවද අමාත්‍යවරයා අවධරණය කළා.

Share This