
මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් ශ්රී ලංකාවේ නිල සංචාරයක
මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා මේ මස 23 වැනිදා ශ්රී ලංකාවේ නිල සංචාරයක නිරත වනවා.
2016 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරයකු මෙරට කරන පළමු සංචාරයයි.
මෙම සංචාරයේ දී මහකොමසාරිස්වරයා ජනාධිපතිවරයා සහ අග්රාමාත්යවරයා ඇතුළු රජයේ මැති ඇමතිවරුන් මුණගැසී සාකඡා කිරීමට නියමිතයි.
ඔහු ජූනි මස 26 දක්වා දිවයිනේ රැදී සිටින අතර මේ සංචාරය අතර ආගමික නායකයින්, සිවිල් ක්රියාකාරින් ද මුණ ගැසෙනු ඇති.