
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා
ඒ අනුව මේ පිළිබඳ විවාදය ඉදිරි දිනෙක පැවැත්වීමට නියමිතයි
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙනුවෙන් සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා
මෙම පනත් කෙටුම්පතට පසුගිය 22 වැනිදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය ඇති කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණයි.